Lifie.lk

සී. ඩබ්ලිව්. ඩබ්ලිව් කන්නන්ගර මහතා ගැන දැනගන්නට වටිනා තොරතුරු ටිකක්

things to know about C W W Kannangara

ලංකාව කියන්නේ සාක්ෂරතාවය අතින් කළාපයේ රටවල් වලට කලක පටන් අභියෝගයක් වුන රටක්. නිදහස ලබන්නටත් පෙර ලංකාවේ කෙමෙන් කෙමෙන් ස්ථාපිත වූ නිදහස් අධ්‍යාපනය නිසා දුප්පත්ම ජනතාවට පවා සිය පුතාට දුවට විශ්ව විද්‍යාල අධ්‍යාපන මට්ටම දක්වා ඉගැන්වීමේ හැකියාව ලැබිලා තියෙනවා. මේ වැඩේට මුල් වුනේ කන්නන්ගර මහතායි. කන්නන්ගර මහත්තයා නිදහස් අධ්‍යාපනය ගෙනෙද්දි ඒ වෙලාවේ ලංකාවේ හිටිය ඇතැම් ප්‍රභූවරයින් පවා “මේ වැඩෙන් වෙන්නේ ගෙඩියක් කඩාගන්න ගහකට නග්ගගන්න කෙනෙක් නැතිවෙන එක” යැයි කන්නන්ගර මහතාගේ වැඩපිළිවෙල විවේචනය කර තිබුණා. එහෙත් එතුමා එයින් සැලුනේ නැත. කන්නන්ගර මහතා නිදහස් අධ්‍යාපනයේ පියා බව හැමෝම වගේ දන්නා කරුණක්. එතුමාගේ ජීවිතය සහ වෙනත් කාර්යභාරයන් ගැන අපි සොයා බලා දැනගමු.

1. දීප්තිමත් ශිෂ්‍ය ජීවිතය

things to know about C W W Kannangara

Source – batsman.com

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ශිෂ්‍යයෙකු මෙන්ම ගුරුවරයෙකුද වූ සී. ඩබ්. ඩබ්. කන්නන්ගර මහතාට එයට ඇතුළත්වීමට ලැබුනේ අම්බලන්ගොඩ වෙස්ලියානු විදුහලේ පැවති ත්‍යාග ප්‍රදානෝත්සවයක් අවසානයේදීය. කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ උගත් ඩැරල් නැමැති රිච්මන්ඩ් විද්‍යාල විදුහල්පතිතුමා ත්‍යාග ප්‍රදානෝත්සවයේදී තෑගි ගණනාවක් ගත් කන්නන්ගර සිසුවාට රිච්මන්ඩ් විද්‍යාලයට ආරාධනා කළේය. පාසලේ දීප්තිමත් චරිතයක් වූ කන්නන්ගර සිසුවා 1902 දී එවකට මුළු මහත් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන්ම අංක ගණිතයෙන් විශිෂ්ඨතමයා බවට පත් විය. ඉන් පසුව ඔහු රිච්මන්ඩ් විදුහලේම ගණිත ගුරුවරයා ලෙස පත්වීම් ලද අතර, එහිදීද සිසුන්ට කැපවීමෙන් ඉගැන්වූ චරිතයක් ලෙස ප්‍රකට වූයේය.

2. දේශපාලනයට පිවිසීම

things to know about C W W Kannangara

Source – sundayobserver.lk

නීතිය හදාරා 1910 දී නීතිඥයෙකු ලෙස දිවුරුම් දුන් කන්නන්ගර එවකට කොළඹ කළ ඉගැන්වීම් කටයුුතු ආදියෙන් ඈත්ව නැවතත් ගාල්ලට පැමිණ නීතිඥවරයෙකු සහ නොතාරිස්වරයෙක් ලෙස පත්වීම් ලද්දේය. 1912 වනවිට නීතිඥ වෘත්තියේ නමක් දිනාගත් කන්නන්ගර 1915 මුස්ලිම් සිංහල කෝලහාලයෙන් බැට කෑ ජනයාට පිහිට වන්නට නොමිලේම නීති උපදෙස් ලබා දුන්නේය. ගාලු කියවීම් කමිටුව, අසරණ සරණ සමිතිය, අමද්‍යප සමිතිය ආදී සමිති සමාගම් රැසක තනතුරු හෙබවූ කන්නන්ගර දක්ෂ බිලියඩ් ක්‍රීඩකයෙක්ද විය. 1916 දී පැතිර ගිය මහාමාරිය වසංගතය අවස්ථාවේදී හේ නොබියව මහජනයා වෙනුවෙන් උදව් කරන්නට ගියේය. පසුව 1917 දී පොන්නම්බලම් රාමනාදන් මහතාගේ පාර්ශවය වෙනුවෙන් වැඩකටයුතු කළ කන්නන්ගර මහතා ගාල්ලේ ප්‍රථම දේශපාලන සංගමය වෙනුවෙන් නියෝජිතයෙක් ලෙස කටයුතු කළේය.

3. මරණ දඬුවම සහ අමද්‍යප ව්‍යාපාරය

things to know about C W W Kannangara

Source – altoday.com

කන්නන්ගර මහතා මරණ දඬුවමට විරුද්ධ වූ දේශපාලකයෙකු විය. “මරණ දඬුවම දුන්නට පස්සේ ඒක වෙනස් කරන්න බැහැ. එක අවස්ථාවක් මට සඳහන් කරන්න පුලුවන්, මගේ මතකයේ හැටියට වික්ටෝරියා රැජින මං පැහැරූ සරදියෙල්ට පනවාපු මරණ දඬුවම කල් දාන්නය කියලා පණිවුඩයක් එව්වා. ඒත් ඒ පණිවුඩය ලංකාවට ලැබුනේ සරදියෙල් එල්ලා මැරුවටත් පස්සේ” ආදී ලෙසින් කන්නන්ගර මහතා එවකට තිබූ සීමිත මන්ත්‍රණ සභාව තුළ මරණ දඬුවමට එරෙහිව අදහස් දක්වන්නට විය. ක්‍රිස්තියානි පාර්ශවයේ තිබූ සියලු නිවාඩු දින රජයේ නිවාඩු වූ එකල බෞද්ධයින්ගේ නිවාඩු වලට ලැබුනේ කුඩම්මාගේ සැළකිලිය. සියළු පොහෝ දින නිවාඩු බවට පත් වූයේ 1966 වුවත් 1920 ගණන් වලදී කන්නන්ගර මහතා වෙසක් සඳහා දෙදිනකුත් පොසොන් නිවාඩුවත් ලබාගැනීම වෙනුවෙන් මන්ත්‍රණ සභාවේ කතා කළේය.

4. කුල භේදයට එරෙහි වීම

things to know about C W W Kannangara

Source – groundviews.org

1926 කාලයේදී පවා රජයේ සේවයට සිදුකළ ඇතැම් බඳවාගැනීම්වලදී කුලය සලකන සාධකයක් විය. ව්‍යවස්ථාදායක සභා වලට පත් වූයේ සිංහල ඉහළ කුලවල වංශවතුන් බැවින් වැඩිදෙනෙක් ඒ ගැන කතාකළේ නැත. එහෙත් කන්නන්ගර මහතා රජයේ රැකියාවලදී කුලය සැළකීමට දැඩි ලෙස විරුද්ධ වූයේය. එවකට බන්ධනාගාර සහ පොලිස් දෙපාර්තුමේන්තුව ආදියට ඇතුළත් වීමේදී කුලය දැක්වීම අත්‍යාවශ්‍ය සාධකයක් වූ අතර දුම්රිය දෙපාර්තුමේන්තුවේද ඇතැම් තනතුරු වලට කුලය සඳහන් කිරීම අවශ්‍ය විය. අවසානයේ මෙම කුලය සඳහන් කොට රැකියා ඉල්ලුම් පත්‍ර පිරවීමේ සිරිත නැතිකිරීමට ඒ ගැන සිදුවූ කන්නන්ගර මහතාගේ නිරන්තර ප්‍රශ්න කිරීම්ද දායක විය.

5. රටේ ජනයාගේ ප්‍රශ්න ගැන කතා කිරීම

things to know about C W W Kannangara

Source – thuppahi.wordpress.com

එකල බණ්ඩාරනායකවරුන්. ජේ. ආර්. ජයවර්ධන, ඩී. ඇස්. සේනානායක, ඩඩ්ලි සේනානායක ආදී චරිත දේශපාලනයේ විකසිත වෙමින් පැවති කාලය විය. එකල කන්නන්ගර මහතාගේ අදහස් වලට ඒ පසුකාලීන අග්‍රාමාත්‍යවරුන් පවා ඇහුම්කන් දුන්හ. අද මෙන් නායකයා කියන යමක් වෙත් නම් එයම අනුමත කරන සම්ප්‍රදායක් නොවූ එකල බොහෝ දේ සම්බන්ධයෙන් ජාතික සංගමය තුළම විවිධ මතයන් තිබුණි. උදාහරණ ලෙස සිංහලය රාජ්‍ය බස සහ ඉගැන්වීමේ බස කිරීමේ යෝජනා 1944 දී ජේ. ආර් ජයවර්ධන මහතා විසින් ඉදිරිපත් කළ අතර 1945 දී ඒවා සංශෝධනය කොට බණ්ඩාරනායක මහතා විසින් ඉදිරිපත් කරන ලදී. එහිදී ඒ යෝජනා කෙරෙහි ඩී. එස්. සේනානායක මහතා එතරම් රුචියක් නොදැක්වීය. කන්නන්ගර මහතා එදා සිටම සිංහල බස රජයේ බස විය යුතුයැයි විශ්වාස කළ කණ්ඩායමේ සිටියෙකි.

6. බදු ගැන වූ නූතන මතය

things to know about C W W Kannangara

Source – lankabusinessonline.com

එකල ද රේන්ද බද්ද, මාර්ග බද්ද ආදී බදු ජනතාව මත පැටවී තිබුනේය. එහිදී මාර්ග බදු ආදිය සෑම සියලු ජනතාවම එකසේ රජයට ගෙවිය යුතු විය. කන්නන්ගර මහතාගේ අදහස වූයේ ආදායම වැඩි අයට වැඩියෙන් බදු ගෙවන්නට සිදුවන බදු ක්‍රමයක් ලංකාවේ ස්ථාපනය කිරීමයි. 1930 දී දෙවන වර කියවීමේදී සම්මත වූ ඒ බදු යෝජනාව තෙවන වර කියවීමේදී පරාජයට පත් විය. එවකට රාජ්‍ය මන්ත්‍රණ සභාවේ විසූ ලාංකික නියෝජිතයින් පවා ප්‍රභූවරුන්, වංශවතුන් විය. යම් ලෙසකින් උපයන විට බදු ගෙවීම් ක්‍රමයක් වූයේ නම් ඉංග්‍රීසි ජාතිකයින්ට මෙන්ම දේශීය වංශවතුන්ටද බදු මුදල් යහමින් ගෙවන්නට වන නිසා එම යෝජනාව රාජ්‍ය මන්ත්‍රණ සභාවෙන් ප්‍රතික්ෂේප වන්නට ඇත.

7. නිදහස ලබන විට කැපුණු වීරයා

things to know about C W W Kannangara

Source – wikipedia.org

1923 සිට අඛණ්ඩව සෑම මැතිවරණයකින්ම ජයගත් කන්නන්ගර මහතාට 1948 නිදහස ලබාගන්නා විට රාජ්‍ය මන්ත්‍රණ සභාවේ අසුන් ගන්නට වාසනාව නොවීය. ඔහු 1947 දී මතුගම ආසනයෙන් පරාජයට පත් විය. එවකට අලුත් පක්ෂයක් වූ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ කන්නන්ගර මහතාට පක්ෂයේ ඉහළ පෙළේ ආශිර්වාදය හිමි නොවීය. පුරා වසර 22ක් තිස්සේ ඇමතිවරයෙකු සහ මන්ත්‍රීවරයෙකු ලෙස රාජ්‍ය මන්ත්‍රණ සභාවේ දේශීය ජනයා වෙනුවෙන් කන්නන්ගර මහතා පෙනී සිටියේය. එහෙත් ඔහු දේශපාලනයෙන් දියුණු කරගත් ව්‍යාපාර, වඩාගත් ආදායම් මාර්ග නොවීය. එබැවින් එතුමාට වසර 22ක් අවසානයේ ආදායම් මාර්ගයක් තනා ගැනීමට එක් එක් රාජ්‍ය වැඩරාජකාරි කරන්නට සිදුවිය. තුන්වන ශ්‍රේණියේ පත්වීමකට ඉන්දුනීසියාවේ මහකොමසාරිස්වරයා ලෙසද ටික කලක් කන්නන්ගර මහතා ක්‍රියා කරන ලදී.

ඩඩ්ලි සේනානායක මහතාගේ රජයේ පළාත් ඇමති වූ කන්නන්ගර මහතා පළාත් පාලනය වෙනුවෙන්ද සුවිශේෂී වැඩකොටසක් ඉටු කළේය. ඩඩ්ලි සේනානායකගෙන් අගමැති පුටුව සර් ජෝන් කොතලාවලට යන විට ඇමති පුටු මාරු වූ අතර කන්නන්ගර මහතාගේ පුටුවද අවිනිශ්චිත විය. එහෙත් මතවාදීව ගැටුම් තිබුනත් ජෝන් කොතලාවල මහතා කන්නන්ගර මැතිතුමාගේ අමාත්‍යාංශය වෙනස් කළේ නැත. බණ්ඩාරනායක මහතා හුදෙක් අගමැතිකම පතාගෙන නව පක්ෂයක් තනාගෙන ගියා යැයි චෝදනා කළ කන්නන්ගර මහතා එක්සත් ජාතික පක්ෂයෙන් නොසැලකුම් ලැබූ අවස්ථාවල පවා පක්ෂය මාරු කිරීමට දැඩි ලෙස අකමැති විය.

8. නිදහස් අධ්‍යාපනය සහ දේශීය චින්තනය

things to know about C W W Kannangara

Source – worldbank.org

නිදහසින් වසර 70ක් ගිය තැන රටක් ලෙස අප ලබා ඇති දියුණුව කුමක්දැයි ඇතැම්විට අපිට ගැටළුවක් මතු වේ. එහෙත් හෙළබස පදනම් කරගත් කන්නන්ගර මහතාගේ සියලුදෙනාට අධ්‍යාපනය දීමේ අරමුණ බොහෝ පුළුල් විය. ජපානය, චීනය වැනි රටවල් සිය බසින් කටයුතු කරගෙන, තමුන්ටම අනන්‍ය වූ සංස්කෘතික අංගයන්ගෙන් ජීවය ලබාගෙන දියුණු වූ රටවල් බව කන්නන්ගර මහතාගේ මතය විය. එවැනි ස්වකීය අනන්‍ය වූ සංස්කෘතියක් වෙනුවෙන් අධ්‍යාපනයේ අයිතිය සැමටම ලබා දීමටත් දේශීය බස ප්‍රචලිත කිරීමටත් කන්නන්ගර මහතා ඇප කැප වී ක්‍රියා කළේය. එවකට ඉංගිරිසිය වැදගත් වූ සමාජයේ දැන උගත්කම සහ භාෂාව නිසා ජනතාවගේ කොටසකට සිදුවන කොන්වීම වළකාලීම කන්නන්ගර මහතාගේ අරමුණ විය.

  Cover Image Source – youtube.com  

  • Click to share on Facebook (Opens in new window)
  • Click to share on Twitter (Opens in new window)
  • Click to print (Opens in new window)
  • Click to share on LinkedIn (Opens in new window)
  • Click to share on Reddit (Opens in new window)
  • Click to share on Tumblr (Opens in new window)
  • Click to share on Pinterest (Opens in new window)
  • Click to share on Telegram (Opens in new window)
  • Click to share on WhatsApp (Opens in new window)

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Notify me of follow-up comments by email.

මෙවැනිම ලිපි

grade 10 cww kannangara essay sinhala

නොබෙල් සාම ත්‍යාගය ගැන ඔබ දැන සිටිය යුතුම කතා

grade 10 cww kannangara essay sinhala

පැය දෙකක බෝට්ටු ගමනකින් මන්නාරමෙන් ඉන්දියාවට ගිය එදා තතු

grade 10 cww kannangara essay sinhala

ඈත යුගයක ඔරු පාරු වලින් පැසිෆික් තරණය කළ පොලිනීසියානුවන්

grade 10 cww kannangara essay sinhala

කිමිදෙන්නවුන්ට පාරාදීසයන් වූ ශ්‍රී ලංකාව අවට මුහුදේ ගිලුණු නැව් ඇති තැන් 7ක්

grade 10 cww kannangara essay sinhala

ලෝකයේ ම අවධානය දිනා ගත් උද්ඝෝෂණ

grade 10 cww kannangara essay sinhala

පළවෙනි හා දෙවෙනි ලෝක යුද්ධ වලින් නැතිවුණු යුරෝපා රජ පවුල්

  • Contact Us /
  • Brand Partnerships
  • Content Policy

grade 10 cww kannangara essay sinhala

නිදහස් අධ්‍යාපන විප්ලවයේ නිහඩ නියමුවා – ආචාර්ය සි.ඩබ්.ඩබ්. කන්නන්ගර

grade 10 cww kannangara essay sinhala

ලෝකයේ අනෙක් රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාව සෑම පුරවැසියෙකුටම අධ්‍යාපනය ලබාගැනීම සඳහා නිදහස් අධ්‍යාපන ක්‍රමයක් නිර්මාණය වී තිබෙනවා. එම නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය ශ්‍රී ලංකාවට හදුන්වා දෙමින් ඉහළ පැලැන්තියට පමණක් සීමා වෙමින් තිබූ අධ්‍යාපනය සෑම සමාජ පන්තියකම වරප්‍රසාදයක් බවට පත් කළ මානව හිතකාමී දේශපාලඥයෙක් පිළිබඳව කුඩා සටහනක් ඔබ වෙත ගෙන එන්නටයි අප අද සුදානම් වෙන්නේ.

නිදහස් අධ්‍යාපනයේ පියා ලෙස ලක්වාසීන්ගේ ගෞරවය දිනා සිටින ඔහු ඔබ අප කවුරුත් හොදින් අසා තිබෙන ක්‍රිස්‌ටෝපර් විලියම් විඡේකෝන් කන්නන්ගර හෙවත් ආචාර්ය සී.ඩබ්.ඩබ් කන්නන්ගරයි.

ඉගෙනීමට උපන් හපන්කමක් දැක්වූ කුඩා ක්‍රිස්ටෝපර්

grade 10 cww kannangara essay sinhala

ආචාර්ය සි.ඩබ්.ඩබ්. කන්නන්ගර (Daily News)

දොන් දානියෙල් විජේකෝන් කන්නන්ගර නම් පියාටත්, එමලි වීරසිංහ නම් මවටත් දාව 1884 ඔක්‌තෝබර් 13 වැනි දින අම්බලන්ගොඩ ප්‍රදේශයේ රන්දොඹේහිදී උපත ලබන ක්‍රිස්‌ටෝපර් විලියම් විඡේකෝන් කන්නන්ගර දරුවන් පස් දෙනෙක්ගෙන් යුත් පවුලේ තුන්වැන්නා විය.

කුඩා කළ පටන් අතට අසු වුනු දෙයක් කියවීමට මහත් රුචියක් දැක්වූ ක්‍රිස්ටෝපර් ක්‍රමයෙන් වැඩෙන විට පාසලේ සියළුම විෂයයන් ඉගෙනීමට මෙන්ම ක්‍රීඩා හා කථිකත්වයටද සහජ දක්‍ෂතා පෙන්නුම් කරනවා. අම්බලන්ගොඩ වෙස්ලියන් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ ඔහු එහිදී පෑ දස්කම් හේතුවෙන් 1897 වසරේදී ගාල්ලේ රිච්මන්ඩ් විද්‍යාලය මගින් පිරිනැමූ ශිෂ්‍යත්වයකට හිමිකම් කියනවා. ඒ අනුව ඔහුට රිච්මන්ඩ් විද්‍යාලයේ සියළු පහසුකම් සහිතව ගාස්‌තු ගෙවීමකින් තොරව අධ්‍යාපනය ලබා ගැනීමේ අවස්‌ථාව උදා විය.

උසස් අධ්‍යාපනයෙන් අනතුරුව නීතිඥ වෘත්තියට

grade 10 cww kannangara essay sinhala

රිච්මන්ඩ් විද්‍යාලය අද (Flickr)

රිච්මන්ඩ් විද්‍යාලයේ ඉගෙන ගන්නා සමයේ කේම්බ්‍රිඡ් දේශීය කනිෂ්ඨ පරීක්‍ෂණයෙන් ගණිතය විෂයට විශිෂ්ට සාමාර්ථයක්‌ ඇතුළුව දෙවනි පන්තියේ සාමාර්ථයක්‌ ලබා ගන්නට ඔහුට හැකිවෙනවා. 1902 වසරේදී  කේම්බ්‍රිඡ් ජ්‍යෙෂ්ඨ පරීක්‍ෂණයට මුහුණ දෙන අතර එහිදී විශිෂ්ට සාමාර්ථයන් සහිතව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය තුළ සමත් වූවන් අතරින් පළමුවන ස්‌ථානය ලබා ගන්නවා. එම කාලයේදී රිච්මන්ඩ් විද්‍යාලය මගින් පිරිනමන පාක් ශිෂ්‍යත්වය, ගුණවර්ධන ශිෂ්‍යත්වය හා ජුබිලි ශිෂ්‍යත්වයද පිට පිටම දිනා ගැනීමට ක්‍රිස්ටෝපර් සමත් වෙනවා.

1904 වසරේදී රිච්මන්ඩ් විද්‍යාලයේම ගණිත ගුරුවරයෙකු ලෙස සේවයට එක් වෙන තරුණ ක්‍රිස්ටෝපර් රිච්මන්ඩ් විද්‍යාලයෙන් පසුව වේල්ස්‌කුමර, මෙතෝදිස්‌ත හා වෙස්‌ලි යන විද්‍යාල වල ගණිත ගුරුවරයකු වශයෙන් සේවය කරනවා. මේ අතර නීති විද්‍යාලයට බැඳී නීතිය හදාරන ඔහු එයින් සමත්ව 1910 වසරේදී නීති වෘත්තියට පිවිසෙන්නේ ගාල්ල අධිකරණයට පත්වීමක් ලබා ගනිමින්.

රාජ්‍ය මන්ත්‍රණ සභාවට

grade 10 cww kannangara essay sinhala

රාජ්‍ය මන්ත්‍රණ සභා ගොඩනැගිල්ල (Wikipedia)

1923 වසරේදී පැවැත්වූ මැතිවරණයේදී ඔහු ව්‍යවස්‌ථාදායක මන්ත්‍රණ සභාවේ දකුණු පළාත නියෝජනය කිරීම සඳහා බහුතර ඡන්දයකින් තෝරා පත්වෙන අතර 1931 වසරේ ව්‍යවස්‌ථාදායක මන්ත්‍රණ සභාව විසුරුවන තෙක් එහි කටයුතු කරනවා. මෙම කාලය තුළ මරණීය දණ්ඩනය අහෝසි කිරීම, බ්‍රිතාන්‍ය ජාතිකයන්ගෙන් ශ්‍රී ලාංකිකයන්ට ලැබෙන රජයේ නිවාඩු ගණන සාධාරණ ගණනක් දක්වා දීර්ඝ කරගැනීම හා ආදායම් බදු හා ආණ්‌ඩුක්‍රම ප්‍රතිසංස්‌කරණ සඳහාද ඔහු සක්‍රීයව සහභාගී වෙනවා.

1931 වසරේදී රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරී පත්වෙන කන්නන්ගරයන් 1936 වසරේදී දෙවන වරටත් රාජ්‍ය මන්ත්‍රණ සභාව නියෝජනය කරනවා. 1931 දී ආචාර්ය සී.ඩබ්.ඩබ්. කන්නන්ගර අධ්‍යාපන කාරක සභාවෙහි සභාපතිවරයා වශයෙන් පත්වෙන අතර රාජ්‍ය මන්ත්‍රණ සභාවේ අධ්‍යාපන ඇමැතිවරයා වශයෙන් පත්වෙනවා. 1931 සිට 1947 දක්‌වා වූ මුළු රාජ්‍ය මන්ත්‍රණ සභා කාලය තුළම ඔහු එම අමාත්‍ය ධූරය දරනවා.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ

grade 10 cww kannangara essay sinhala

ප්‍රථම මධ්‍ය මහා විද්‍යාලය අතරින් එකක් – කන්නන්ගර මධ්‍ය මහා විද්‍යාලය, මතුගම  (Panoramio)

1938 දී රාජ්‍ය මන්ත්‍රණ සභාවට නව අධ්‍යාපන ආඥා පනතක්‌ සඳහා වූ යෝජනාව ඉදිරිපත් කළ කන්නන්ගර මැතිතුමා ව්‍යවස්‌ථා ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ බලය සහිත අධ්‍යාපන විධායක කාරක සභාවක් නිර්මාණය කර යම් බලපෑම් වලට යටත් වූවත් එහි සභාපති ලෙස කටයුතු කරනවා.

එවකට උසස් පාසල් වලට ඇතුල් වීමට හැකියාව ලැබුනේ වරප්‍රසාද ලත් ප්‍රාන්තිකයන්ට පමණයි. අධ්‍යාපන පද්ධතියේ දුර්වලතා නැතිකොට සියලු දෙනාටම සම අධ්‍යාපනයක්‌ ලබාදීමේ කටයුත්තට මොහු උත්සාහ දරන්නේ මෙම කමිටුව හරහායි.

සියළු දෙනාට සම අධ්‍යාපන අයිතිය ලබා දීමට ගෙන ආ යෝජනාව ඉතා දුෂ්කරතා මධ්‍යයේ සම්මත කරගැනීම එදා මෙදා තුර අධ්‍යාපන අමාත්‍යවරයෙක් සිදුකල ඉහළම කැපකිරීම ලෙස හැදින්වීම වඩා නිවැරදියි. ඒ හා සමගාමීව ගම්බද අධ්‍යාපනය නගා සිටුවීමට මධ්‍ය විද්‍යාල ආරම්භ කිරීමේ ව්‍යාපෘතියද ඉතා සාර්ථක වෙනවා. මධ්‍ය විද්‍යාල හතරකින් ඇරඹුන මෙහි සාර්ථකත්වය කොතරම්ද යන්න අද වන විට ඔප්පු වී හමාරයි.

1938 වසරේ හා 1944 වසරේ කන්නගර ඇමතිවරයා විසින් පත්කළ අධ්‍යාපන කාරක සභා වලින් සම්මත වී ක්‍රියාත්මක වූ යෝජනා කිහිපයක් හා නවීකරණ පහත ආකාරයට පෙළ ගස්වන්නට පුළුවන්.

  • පළමුවන වසරේ සිට විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්වා නිදහස් අධ්‍යාපනය.
  • අඩු අාදායම්ලාභී පවුල් වල  දක්ෂ ශිෂ්‍යයන්ට ශිෂ්‍යත්ව ක්‍රමයක් පිහිටුවීම මගින් ගම්බද අධ්‍යාපනය පුළුල් කිරීම. (5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය)
  • පාසල් පද්ධතිය රජයට පවරා ගැනීම.
  • ගුරුවරුන් පුහුණු කිරීම සඳහා ගුරු විද්‍යාල පිහිටුවීම.
  • සිංහල බසින් ඉගැන්වීම සිදු කිරීම හා දෙවන පන්තියේ සිට ඉංග‍්‍රීසි ඉගෙනීම අනිවාර්ය කිරීම.
  • පාසල් සඳහා පොදු විෂය නිර්දේශ සකස් කිරීම.
  • සාක්ෂරතාවය 50%ක් වූ වැඩිහිටි ජනගහන සඳහා සිංහල හා ඉංග්‍රීසි භාෂා ඉගැන්වීම.
  • අධ්‍යාපනික උපයෝගී සේවාවන් ආරම්භ කිරීම. (සෞඛ්‍ය, දිවා අහාර, ගමන් පහසුකම් හා පාසල් ගුවන්විදුලි සේවාව ආරම්භ කිරීම)
  • ස්ථිර ගුරු වැටුප් හා විශ්‍රාම ගුරු වැටුප් ක්‍රමයක් හදුන්වා දීම.
  • ලංකා වෛද්‍ය විද්‍යාලය හා යුනිවර්සිටි කොලීජිය ඒකාබද්ධ කර ලංකා විශ්වවිද්‍යාලය පිහිටුවීම.

මැතිවරණයෙන් පරාජය වීම

grade 10 cww kannangara essay sinhala

ප්‍රථම විශ්වවිද්‍යාලය – ලංකා විශ්ව විද්‍යාලය (Wikipedia)

රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සාමාජිකයෙක් හා ඇමතිවරයෙක් ලෙස සියළුම සභා වාර වලට පැමිණ තිබූ පුද්ගලයෙක් ලෙස සඳහන් කළ හැකි කන්නන්ගරයන්ට රටේ අධ්‍යාපනය ක්ෂේත්‍රයට ඉටුකළ අනූපමේය සේවයට ගරු කිරීමක් වශයෙන් ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලය විසින් 1943 වසරේදී ආචාර්ය උපාධියක් පිරිනමනවා.

1947 මැතිවරණයේදී පරාජයට පත්වෙන ආචාර්ය කන්නන්ගර 1950 වසරේ සිට 1952 වසර දක්‌වා කාලය තුළ ඉන්දුනීසියාවේ ලංකා තානාපතිවරයා ලෙස සේවය කරනවා. නැවත වරක් 1952 වසරේදී පැවති මහා මැතිවරණයේදී ආචාර්ය කන්නන්ගර එක්‌සත් ජාතික පක්‍ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වෙනවා. එහිදී පළාත් පාලන ඇමතිවරයා ලෙස කටයුතු කරනවා.

නිදහස් අධ්‍යාපනය නූපන් පරපුරක් වෙත දායාද කල මේ විශිෂ්ට යුග පුරුෂයා 1969 සැප්තැම්බර් 23දා මෙලොව හැරගියත් නිදහස්‌ අධ්‍යාපනය ලබා දීම මගින් නොදියුණු සමාජය පිබිදවීම උදෙසා කල නිහඬ විප්ලවයේ ප්‍රතිඵල අදවන විට අප සියළු දෙනා භුක්ති විදිමින් සිටිනවා.

කවරයේ ජායාරූපය – Lakehouse Media Library

මුලාශ්‍ර – Wikipedia, rupavahini.lk, www.dailymirror.lk

Related Articles

grade 10 cww kannangara essay sinhala

ජේ. ආර්. ජයවර්ධන

grade 10 cww kannangara essay sinhala

කවියෙන් මිනිසා ඇමතූ කේයස්

grade 10 cww kannangara essay sinhala

ලංකාවේ නම ජාත්‍යන්තරයට ගෙන ගිය ගෘහ නිර්මාණ ශිල්පීන් හතර දෙනෙක්

grade 10 cww kannangara essay sinhala

බොලිවුඩයේ යුගයක් එකලු කළ ‘නර්ගීස්’ 

grade 10 cww kannangara essay sinhala

පර්සි නොදැවී 83යි!

grade 10 cww kannangara essay sinhala

ඉන්දියාව බැබලවූ මිසයිල් මිනිසා – අබ්දුල් කලාම්  

grade 10 cww kannangara essay sinhala

වේග පන්දුවෙන් දස්කම් පෑ චමින්ද වාස්

grade 10 cww kannangara essay sinhala

ඔත්තුකාරියක් වූ සරාගී නළඟන මාටා හරී

Roar Media is a global storytelling platform.

grade 10 cww kannangara essay sinhala

Copyright © 2024 Roar Media. A Roar Global Company .

  • ප්‍රධාන පිටුව
  • ප්‍රශ්න පත්‍ර

C.W.W. කන්නංගර මහතා

grade 10 cww kannangara essay sinhala

මෙරට නිදහස් අධ්‍යාපනයේ පියා ලෙස සැලකෙන්නේ C.W.W. කන්නංගර හෙවත් ක්‍රිස්ටෝෆර් විලියම් විජේකෝන් කන්නග්ගර මැතිතුමාය. මෙතුමා 1884 ඔක්තෝබර් 13 වනදා උපත ලැබීය.

බලපිටිය උසාවියෙහි නියෝජ්‍ය පිස්කල් නිලධාරිවූ ජෝන් ඩැනියෙල් විජේකෝන් කන්නන්ගර මෙතුමාගේ පියා වූ අතර එමිලි විජේසිංහ ඔහුගේ මව වූවාය. දකුණු ලක උපන් ගම වූ කන්නංගර මහතා සිය ප්‍රාථමික අධ්‍යාපනය හදාරන ලද්දේ රන්දොඹේහී වෙස්ලියානු මිෂනාරි පාසැලෙහිදීය. ඉන්පසුව එතුමා ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට ඇතුලත් වූයේ වැඩිදුර අධ්‍යාපන කටයුතු සඳහා ය. ලමා කාලයේදී කන්නන්ගර මහතා ඉගෙනීමට වැඩි දක්ෂතාවයක් දැක්වීය. වරක් වෙස්ලියානු මිෂනාරි පාසැලෙහි ත්‍යාග ප්‍රදානෝත්සවයකට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගිවූ ගාල්ල රිච්මන්ඩ් විදුහලේ එවකට විදුහල්පති වශයෙන් කටයුතු කළ දේවගැති ජේ.එච්.ඩැරල් මහතා කන්නංගර මහතාව අතිශය ඇගයීමට ලක් කර ඇත. ඊට හේතුව එදින ප්‍රදානය කල ත්‍යාග වලින් බොහෝමයක්ම කන්නංගර මහතා විසින් දිනා ගැනීමයි.

මෙතුමා වෘත්තියෙන් නීතිඥවරයෙකු විය. මොහු බ්‍රිතාන්‍ය යටත් විජිතය යටතේ ලංකාවේ පලමු අධ්‍යාපන අමාත්‍යයවරයා විය. ඒ හේතුව නිසාම ''නිදහස් අධ්‍යාපනයේ පියා'' යන විරුදාවලියෙන් කන්නංගර මහතාව හඳුන්වනු ලැබේ . අධ්‍යාපන ඇමතිවරයා ලෙස ඔහුට යටත් විජිත ලංකාවේ අධ්‍යාපන පද්ධතිය විශාල ලෙස ප්‍රතිසංස්කරණය කිරීමට හැකිවිය. නිවාස හා පළාත්පාලන ඇමතිවරයෙකු වශයෙන්ද , ලංකාවේ රාජ්‍ය මන්ත්‍රණ සභාවේඅධ්‍යාපන ඇමතිවරයෙකු වශයෙන්ද ලංකා ජාතික කොංග්‍රසයේ සභාපති ලෙසද ඔහු කටයුතු කලේය. 1923 දී ලංකාවේ ව්‍යවස්ථාදායක සභාවට තේරි පත්වූ ඔහු පසුව රාජ්‍යය කවුන්සිලයටද තේරී පත් විය.

අධ්‍යාපන ඇමතිවරයා ලෙස එතුමා අනභිභවනීය සේවයක් ඉටු කලේය. එතුමාගේ සේවයන්,    ♦ වරප්‍රසාද අඩු දරුවන්ට නොමිලේ අධ්‍යාපනය ලබාදීමට පනත් සංශෝධනය කිරිම ♦ කේන්ද්‍ර පාසල් ක්‍රමයක් ස්ථාපිත කරමින් දුෂ්කර පළාත්වල ද්විතියික පාසල්වල තත්වය වර්ධනය කිරීමටත් කටයුතු කිරීම. ♦ බාලාංශ පංතිවල සිට විශ්ව විද්‍යාල අධ්‍යාපනය දක්වා අධ්‍යාපනය නොමිලේ ලබාදීම. ♦ ප්‍රාථමික පාසල්වල ඉගැන්වීම් මාධ්‍යය මව්භාෂාව විය යුතු වීම. ♦ තුන්වන පංතියේ සිට ඉංග්‍රීසි සෑම පාසලකම ඉගැන්වීම. ♦ රට පුරා මධ්‍ය මහා විද්‍යාල රාශියක් ඇතිකිරීමට කටයුතු කිරීම. ♦ මධ්‍ය මහා විද්‍යාලවල නේවාසිකාගාර ගාස්තු පියවීමට ශිෂ්‍යත්ව ක්‍රමයක් ශිෂ්‍යයන් වෙනුවෙන් ඇති කිරීම. ♦ කොළඹ විශ්වවිද්‍යාලය ස්ථාපිත කිරීමට දායකත්වය සැපයීම ♦ පුරාණ පිරිවෙන් වැඩිදියුණු කිරීමට කටයුතු කිරීම.

බටහිර ලෝකය තුල බුද්ධාගම ව්‍යාප්ත කිරීමට ඔහු ප්‍රබල ආධාරකරුවෙකු වූ අතර නිදහසින් පසු ආසන්න කාලය තුළ ශ්‍රී ලංකාව තුළ මහජන සහයෝගය ක්‍රමයෙන් වැඩි විය. 1953 මැයි 30 වන දින කොළඹ ආනන්ද විද්‍යාලයේ පැවති මහජන රැස්වීමකදී ජර්මානු ධර්මදූත සමිතියේ එවකට සිටි ලේකම්වරයා වූ අශෝක වීරරත්න මහතා විසින් සිදු කරන ලද සමීක්ෂණයේ සොයාගැනීම් ප්‍රසිද්ධියට පත් කිරීම සඳහා බුද්ධ ජයන්ති සැමරුමට පෙර කන්නංගර මහතා විසින් පහත සඳහන් යෝජනාව ඉදිරිපත් කරන ලදී. "ජර්මනියේ සම්බුධ සසුන පිහිටුවීම සහ යුරෝපයේ බුද්ධාගම ප්‍රචාරය කිරීම සඳහා ලංකා ධම්මදූතා සමිතිය දරන උත්සාහයට ලංකාවේ මහජනතාව පූර්ණ සහයෝගය දැක්විය යුතු බව මෙම සභාවෙහි අදහසයි". ජර්මනියේ බුදුසසුන ස්ථීර ලෙස ස්ථාපිත කිරීම සඳහා සියලු බෞද්ධයින් සමිතියට සෑම ආකාරයකින්ම සහාය විය යුතු යැයි ඔහු ඉල්ලා සිටියේය. බටහිර සමයේ බෞද්ධ මිෂනාරි සේවය සඳහා ඔහු දක්වන නොමද සහයෝගය නිසා මෙම සමිතියේ ප්‍රසිද්ධ රැස්වීම් කිහිපයකට එතුමා සහභාගී විය. 

සී.ඩබ්ලිව්.ඩබ්ලිව් කන්නංගර මහතා 1956 දී ක්‍රියාකාරී දේශපාලනයෙන් විශ්‍රාම ගියේය. 1969 සැප්තැම්බර් 23 වනදා එතුමන් කොළඹදී අප අතරින් වෙන්ව ගියේය. ඇන්ඩර්සන් ගොල්ෆ් ලින්ක්ස්හි සාම්ප්‍රදායික බෞද්ධ චාරිත්‍ර වාරිත්‍ර අනුව ඔහුගේ දේහය ආදාහනය කරන ලද අතර පසුව එය කොළඹ 07 හි බෞද්ධාලෝක මාවතෙහි පිහිටි බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ස්ථානයක් බවට පත් විය. ශ්‍රී ලංකාවේ ඔහුගේ නමින් ආයතන ගණනාවක්ම පිහිටුවා තිබේ.

  • Privacy Policy

www.lkedu.lk

Online Study Materials

' height=

இலவசக் கல்வியின் தந்தை C.W.W.கன்னங்கர - ஒரு பார்வை

grade 10 cww kannangara essay sinhala

தென்கிழக்காசிய நாடுகளில் எழுத வாசிக்கத் தெரிந்த மக்களின் எண்ணிக்கை வீதம் கூடியதாக விளங்கும் நாடு இலங்கையென கடந்த நூற்றாண்டு முதல் பேசப்படுகின்றது. இந்த மகத்தான பெருமை நம் நாட்டுக்கு கிடைப்பதற்குக் காரணம் இங்கு நிலவும் இலவசக் கல்வியென்பதேயாகும். இச்சிறப்பு வாய்ந்த இலவசக் கல்வி தொன்றுதொட்டு வழங்கப்பட்டதன்று. வசதியுடையோர் மாத்திரமே கல்வி கற்கும் வாய்ப்பைப் பெற வறுமையில் உழன்ற மக்கள் கல்வியறிவற்றவர்களாகவே வாழ்ந்தனர்.

Get in Touch With Us to Know More

Like us on Facebook

No comments

Subscribe us.

Search This Blog

LearnEasy in Facebook

Www.lkedu.lk in whatsapp.

grade 10 cww kannangara essay sinhala

www.lkedu.lk in Viber

Online Classes

grade 10 cww kannangara essay sinhala

Popular Posts

தரம் 10 - தமிழ் இலக்கியத் தொகுப்பு - வினா விடைகள்

Recent Posts

Featured posts.

Great Personalities-Grade 10

C. w.w. kannangara.

grade 10 cww kannangara essay sinhala

pnghut_cww-kannangara-central-college-area-mathugama-anuradhapura-school-cww-kannangara-milk-barschool-1.png

Sinhala Medium Papers

English Medium Papers

KCC-Logo-1

Developed by Kannangara IT Society

COMMENTS

  1. සී.ඩබ්.ඩබ්. කන්නන්ගර - විකිපීඩියා

    ක්‍රිස්ටෝෆර් විලියම් විජේකෝන් කන්නන්ගර, දකුණු ශ්‍රී ලංකාවේ බලපිටිය සහ අම්බලන්ගොඩ අතර පිහිටි ගම්මානයක් වූ රන්දොඹේහි උපත ලද්දේ 1884 ...

  2. සී. ඩබ්ලිව්. ඩබ්ලිව් කන්නන්ගර මහතා ගැන දැනගන්නට වටිනා තොරතුරු ...

    things to know about C W W Kannangara - ලංකාව කියන්නේ සාක්ෂරතාවය අතින් කළාපයේ රටවල් වලට කලක පටන් අභියෝගයක් වුන රටක්. නිදහස ලබන්නටත් පෙර ලංකාවේ කෙමෙන් ...

  3. Roar සිංහල - නිදහස් අධ්‍යාපන විප්ලවයේ නිහඩ නියමුවා – ආචාර්ය ...

    එම නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය ශ්‍රී ලංකාවට හදුන්වා දෙමින් ඉහළ පැලැන්තියට පමණක් සීමා වෙමින් තිබූ අධ්‍යාපනය සෑම සමාජ පන්තියකම වරප්‍රසාදයක් බවට පත් කළ මානව හිතකාමී දේශපාලඥයෙක් පිළිබඳව කුඩා සටහනක් ඔබ වෙත ගෙන එන්නටයි අප අද සුදානම් වෙන්නේ.

  4. Myschool.lk - 1 වසරේ සිට උසස් පෙළ දක්වා සියළුම තොරතුරු නොමිලේ ...

    C.W.W. කන්නංගර මහතා. මෙරට නිදහස් අධ්‍යාපනයේ පියා ලෙස සැලකෙන්නේ C.W.W. කන්නංගර හෙවත් ක්‍රිස්ටෝෆර් විලියම් විජේකෝන් කන්නග්ගර මැතිතුමාය. මෙතුමා 1884 ඔක්තෝබර් 13 වනදා උපත ලැබීය. බලපිටිය උසාවියෙහි නියෝජ්‍ය පිස්කල් නිලධාරිවූ ජෝන් ඩැනියෙල් විජේකෝන් කන්නන්ගර මෙතුමාගේ පියා වූ අතර එමිලි විජේසිංහ ඔහුගේ මව වූවාය.

  5. இலவசக் கல்வியின் தந்தை C.W.W.கன்னங்கர - ஒரு பார்வை - www.lkedu.lk

    டப்ளிவ் கன்னங்கரா அவர்களினால் இலவசக் கல்வித் திட்டம் அமுல்படுத்தப்பட்டு கல்விப் பொதுவுடைமை மலர்ந்தது. அதன் காரணமாகவே எழுத ...

  6. Great Personalities-Grade 10: C. W.W. Kannangara - Blogger

    C.W.W Kannangara was Sri Lanka's first Minister of Education and is considered the "father of free education in Sri Lanka". Minister of Housing and Local Government. Minister of Education of the State Council of Ceylon. Born October 13, 1884.

  7. C. W. W. Kannangara - Wikipedia

    Dr. Cristopher William Wijekoon Kannangara ( Sinhala ආචාර්ය ක්‍රිස්ටෝෆර් විලියම් විජේකෝන් කන්නන්ගර; 18 October 1894 – 23 September 1969) was a Sri Lankan Lawyer and a politician. He rose up the ranks of Sri Lanka's movement for independence in the early part of the 20th century.

  8. Grade 10 – CWW Kannangara Central College

    Developed by Kannangara IT Society Grade 10CWW Kannangara Central College Sinhala Medium Papers English English Lit ICT Home Science Art & Craft Agriculture Health Design and Construction Art Dancing Civic Education Drama Entrepreneur

  9. Dr. C. W. W. Kannangara Memorial Lecture - 32 - nie.lk

    Who is Dr C. W. W Kannangara? Dr. Christopher William Wijekoon Kannangara was born on October 13, 1884, at Randombe village, Ambalangoda. The third child in his family, he lost his mother early in life when his mother died giving birth to a younger brother.

  10. Grade 10 Sinhala Unit 05 Dr. C.W.W.Kannangara - Answers | PDF

    Grade-10-Sinhala-Unit-05-Dr.-C.W.W.Kannangara-–-Answers - Free download as PDF File (.pdf) or read online for free.